ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ විවිධ ප්රචාරක කණ්ඩායම් විසින් නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂ සිංහ ධේනුවක් ලෙසින් නම් කර ඔසවා තැබීමත් සමඟ හැල හැප්පීම් රැසක් අනාවරණය වෙමින් පවතී.
මූලික වශයෙන්, පොහොට්ටු පක්ෂයේ බලය රාජපක්ෂ පවුලේ ලේ සම්බන්ධතාවයෙන් ඉවත් කිරීමක් සිදු වෙමින් තිබේ. ක්රියාකාරී දේශපාලනයේ යෙදී සිටින චමල් රාජපක්ෂගේ පුතුන් දෙදෙනෙක්, මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනෙක්, ගෝඨාභය රාජපක්ෂගේ පුතා සහ බැසිල් රාජපක්ෂගේ දියණියන් තිදෙනෙක් යන එම පරම්පරාවේ දෙවන පුරුක් 09ක් ඉවත දමා ලිමිනි රාජපක්ෂව පෙරමුණට ගැනීමට උත්සාහ දරමින් සිටිති.
ඇය සම්බන්ධයෙන් ප්රචාරය දිනපතා අලුත් කරන අතර, සිරිමා බණ්ඩාරනායක, චන්ද්රිකා බණ්ඩාරනායක සමඟ සන්සන්දනය කරමින් “ඉතිහාසය නැවතත් පුනරාවර්තනය වෙමින් තිබේද” යනුවෙන් පොහොට්ටු පක්ෂයේ ප්රධාන නිල ෆේස්බුක් පිටුවල පළ කරමින් තිබේ.











