පඩිය ඉහළ දැමීමට එරෙහිව ස්ට්‍රයික් කරන එකම රට

පඩිය ඉහළ දැමීමට එරෙහිව ස්ට්‍රයික් කරන එකම රට

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත් කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වෙන පරිදි මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවූ සේවකයන් හට උපයන විට ගෙවීමේ බද්ද (PATE Tax) පැනවූ අතර, ඒ වනවිට උද්ධමනය 46.9%ක් වී තිබිණි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වෙන පරිදි උපයන විට ගෙවීම් බදු කඩයිම් සීමාව රුපියල් 150,000ක් දක්වා ඉහළ දැමූ අතර, ඒ වනවිට උද්ධමනය ඍණ 2.0%ක් දක්වා පහත හෙළීමට සමත් විය. ලෝකයටම බලපාන සේ ඇති වූ මැදපෙරදිග යුද්ධයෙන් ඉන්ධන මිල 189%ක් දක්වා ඉහළ ගොස් මේ වනවිට 126%ක් වී ඇති අතර, ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය පුරා පොදුවේ ඉහළ යන උද්ධමනය, ශ්‍රී ලංකාව තුළ 8.3%ක සීමාවේ රඳවා ගැනීමට ආණ්ඩුව සමත් වී තිබේ.

ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප තුන්වන වරටත් ඉහළ දැමීමට මුදල් වෙන් කර තිබේ. ඒ අනුව වැටුප් වැඩි වීමේ ප්‍රමාණය ලෙස එක් නිදසුනක් ලෙස ගුරු සේවයේ 3 II ශ්‍රේණියේ වැටුප් වැඩි වෙන්නේ මෙසේය.

2024 දෙසැම්බර් 31 වෙනි දින වනවිට රුපියල් 31,490ක් වූ මූලික වැටුප 2027 ජනවාරි සිට රුපියල් 53,060ක් දක්වා රුපියල් 21,570කින්, එනම් 68.5%කින් වසර දෙකක් තුළ ඉහළ දැමීමකි.

රනිල් වික්‍රමසිංහ පාලන සමයේ 49.6% වූ උද්ධමනය ඍණ අගයක් දක්වා අඩුකර ජාත්‍යන්තර යුද්ධයක බලපෑමෙන් ඉන්ධන සහ නාවික ගාස්තු ඉහළ යාමේ බලපෑමෙන් මේ වනවිට 8.3%ක් දක්වා පාලනය කර ඇති අතර, ගුරු සේවයේ අවම වැටුප් වැඩිවීම 68.5%ක් දක්වා ඉහළ මට්ටමකට වැඩි කර තිබේ.

මෙසේ තිබියදී, සුන්බුන් විපක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති පාසල් දරුවන් සහ මහජනතාව ඇපයට ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා සැලසුම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn