නාමල් රාජපක්ෂ 16 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

නාමල් රාජපක්ෂ 16 තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පුත් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (06) නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn