ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සම්මුඛ සාකඡාවක දී කළ ප්‍රකාශයක් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා සංස්කරණය කර යොදා ගැනීම පිළිබඳව හෙළිදරව් කරමින් ඔහු සිය නිල ‘X’ මගින් මුළු රටෙන්ම ඉල්ලීමක් කර සිටී.
ඔහු සඳහන් කරන්නේ තමන් සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් සංස්කරණය කර, අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා යොදාගෙන ඇති බවය.
ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කරන වීඩියෝවකට හඬ කවා යොදාගෙන ඇති බවය. මෙයින් මිනිසුන්ද රවටා තමන්ගේද කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ ද්වේෂසහගත උත්සාහයක් පවතින බව ඔහු අවධාරණය කරයි.
“මෙම වංචාකරුවන් රූපවාහිනී නාලිකාවකින් සංස්කරණය කළ වීඩියෝවක් භාවිත කර තිබෙන්නේ ! කරුණාකර එවැනි ක්‍රියාකාරකම් වාර්තා කර ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කරන්න. මම මේ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
This is an absolute Scam. A malicious attempt at cheating people and tarnishing my reputation. These scammers are using a edited video from a leading tv network !
— Angelo Mathews (@Angelo69Mathews) April 11, 2024
Please report such activity and alert the authorities on same. I will be reporting this to the relevant authorities ! pic.twitter.com/zEcxaYyQBC









