අලුත් අවුරුදු උත්සවයත් සමඟ සජිත් ප්‍රේමදාස පිලේ තරුණ මන්ත්‍රීවරු ගණනාවක් රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සූදානමින් සිටින බවට වාර්තා වේ.
මේ සඳහා මූලික කටයුතු සූදානම් කර තිබෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන බවත්, ඔහුගේ නිවසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ම රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බවත් අනාවරණය වේ. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් ගණනාවක් ද සහභාගී වී ඇත.
මන්ත්‍රීවරුන් නොවන එම පක්ෂයේ තරුණ පිරිසක් ද භෝජන සංග්‍රහයේදී රනිල් වික්‍රමසිංහ සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කර ඇති බව හෙළි වේ. මෙම සියලු දෙනා සමගි ජන බලවේගය අත්හැර යාමේ රනිල් වික්‍රමසිංහ සමඟ එක්වනු ඇතැයි වාර්තා වේ.
17,289










