පොහොට්ටු මන්ත්‍රීන්ට හුළං – සජිත් පිලට රනිල් සල්ලි බෙදයි

පොහොට්ටු මන්ත්‍රීන්ට හුළං – සජිත් පිලට රනිල් සල්ලි බෙදයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් කිහිප දෙනෙකුට ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 160කට ආසන්න මුදලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

මෙම මුදල් ලබා දී තිබෙන්නේ විවිධ ව්‍යාපෘති සඳහා බව පෙන්වමින් ඉදිරිපත් කරන ලද වාර්තාවලට බව වැඩි දුරටත් හෙළිවී තිබේ. කාවින්ද ජයවර්ධන, හර්ෂ ද සිල්වා, අජිත් මාන්නප්පෙරුම යන සජිත් පිලේ මන්ත්‍රීවරුන් හට පළමු අධියර ලෙසින් මුදල් ලබා දී තිබේ.

මෙයින් වැඩිම මුදල වන රුපියල් මිලියන 60ක් ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබා දී ඇති අතර ඉතිරි දෙදෙනාට රුපියල් මිලියන 50 බැගින් ලබා දී තිබේ. පොහොට්ටු මන්ත්‍රීන් විශාල පිරිසක් තම ව්‍යාපෘති යෝජනා කිරීම සඳහා මුදල් ලබා දෙන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කළ ද, ඒ සියල්ල නොතකා හරිමින් මෙම තිදෙනාට මුදල් ලබා දීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්