ආණ්ඩුව මේ වනවිට අනුගමනය කරමින් තිබෙන ආර්ථිකය හැකිලීමේ ක්‍රියාවලිය තුළ රැක ගෙන සිටි කර්මාන්තකරුවන් පවා යළිත් වටයික් දරුණු අර්බුදයකට ලක් වෙමින් සිටින බව අනාවාරණය වේ.
මෙයට හේතු වී ඇත්තේ විනිමය අනුපාත ඉතා විශාල පරාසයක උච්ඡාවචනය වීමට ඉඩ හැර තිබීමයි. ඩොලරයක් සඳහා රුපියල් 350ක පමණ හුවමාරු අගයකට තිබී මේ වනවිට එය රුපියල් 280 පමණ දක්වා පහත වැටී තිබීම ආර්ථික ජයග්‍රහණයක් බව ආණ්ඩුව පෙන්වීමට උත්සාහ කළ ද, කර්මාන්තකරුවන් මේ මගින් දැඩි පීඩනයකට පත්ව ඇතැයි වාර්තා වේ.
වෙළඳ ගිවිසුම් සහ මූල්‍ය ගිවිසුම්වලට එළඹී මේ වනවිට ලැබෙමින් තිබෙන රුපියල් ආදායම වේගයෙන් පහත වැටීම නිසා ඇතිවන පාඩු පියවා ගැනීමට දැනට ඉදිරිව තිබෙන දේපළ පවා උගස් කිරීමට හෝ විකිණීමට සිදු වී ඇති බව අනාවරණය වේ. එහෙත් ඩොලරයේ විනිමය අගය පහත වැටීමත් සමඟ මෙරටට ආනයනය කරන අමුද්‍රව්‍ය ඇතුළු යෙදවුම්, ඉන්ධන සහ පාරිභෝගික භාණ්ඩ කිසිවක මිල අඩු කිරීමක් සිදු කර රුපියල ශක්තිමක්වීමේ වාසිය ජනතාවට ලබා දී නැත.
විශේෂයෙන් ම කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන සඳහා මෙයට පෙර දරන ලද ඉහළ පිරිවැය ඒ ආකාරයෙන් ම පැවතියදී එම නිෂ්පාදනවලින් ලබා ගත හැකි රුපියල් ප්‍රමාණය වේගයෙන් පහත වැටීම නිසා මෙම නව අර්බුදයට මුහුණ දී සිටි.









