බැඳුම්කර කොල්ලය රකින්න සජිත්ගේ “බම්බුවේ” කණ්ඩායමක්

බැඳුම්කර කොල්ලය රකින්න සජිත්ගේ “බම්බුවේ” කණ්ඩායමක්

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ආරක්ෂකයන් ලෙස කෝප් කමිටුව තුළ පවා හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ ඇතුළු පිරිස ක්‍රියාකර තිබෙන ආකාරය 2016 ඔක්තෝබර් 28 වෙනි දින පාර්ලිමේන්තුවට නිකුත් කර ලද කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය වේ.

එහි 551 වෙනි පිටුවේ සටහන් අතර අජිත් පී. පෙරේරා ආවේගයෙන් ප්‍රකාශ කර තිබෙන “ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවාලු. බම්බුව!” යනුවෙන් කළ ප්‍රකාශයක් පැහැදිලිව සඳහන් කර තිබේ. එයට අදාළ සංවාදයේ වැදගත් කොටසක් උපුටා ගෙන පහත දැක්වේ.

ගරු බිමල් රත්නායක මහතා : ගරු සභාපතිතුමා එහෙම කිව්වේ නැහැ. ඔබතුමාට තරහා ගිහින්.

ගරු අජිත් පී පෙරේරා මහතා : මොකද කිව්වේ නැත්තේ? ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවාලු. බම්බුව!

ආදී වශයෙන් මෙම සංවාදය ඉදිරියට ඇදී ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්