මේ වනවිට ඉදිකර තිබෙන අධිවේගී මාර්ග පද්ධතිය සමාගමකට විකුණා දැමීම සඳහා ජනතාවට බිය ඇතිවන ආකාරයේ සංඛ්‍යා දත්ත ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කර තිබේ.
ඇමති බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශයක් උපුටා ගනිමින් දිනමිණ පුවත්පත විශාල ප්‍රචාරයක් ලබා දී තිබිණි.
එහි සඳහන් කර තිබෙන්නේ “අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය රු. බිලියන 5යි – ගෙවීමට ඇති ණය ප්‍රමාණය රු. බිලියන 800යි – ණය තොගය ගෙවන්න අවුරුදු 160ක් ගත වෙනවා“ යනුවෙනි. මෙසේ කරුණු ඉදිරිපත් කරමින් අධිවේගී මාර්ග සියල්ල සහන්‍යා ඉන්වෙස්ට්මන්ට් සමාගමට පවරා දීමේ ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව හෙළි කර තිබේ.
747









