මොනරාගල පුංචි කෙල්ල එංගලන්තය පරදවයි

මොනරාගල පුංචි කෙල්ල එංගලන්තය පරදවයි

වයස අවුරු 19න් පහළ රටවල් තුනක් අතර පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරඟාවලියේදී මොනරාගල 14 වියැති චමෝදි මුණසිංහ එංගලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 42කට කඩුලු 5ක් දවා ගැනීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 108ක විශිෂ්ඨ ජයගහනයක් ලබා ගැනීමට හැකි විය.

ඊයේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරඟයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලකුණු 226ක් රැස් කර ගත්හ. එයට පිළිතුරු ලෙස එංගලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වූයේ ඕවර් 23යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලකුණු 118ක් පමණි.

මෙහිදී සුවිශේෂී දස්කම් පෑ මොනරාගල චමෝදි මුණසිංහගේ හැකියාවන් පිළිබඳව විශේෂ අවධානය යොමු වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්