පාසල් සිසුන් අතට T56 ගිනි අවි සහ STF නිල ඇඳුම් ගියේ කොහොමද?

පාසල් සිසුන් අතට T56 ගිනි අවි සහ STF නිල ඇඳුම් ගියේ කොහොමද?

ගම්පහ නගර ආසන්නයේ ප්‍රධාන පාසලක ශිෂ්‍ය භට පෙළපාලියක් සඳහා T56 ගිනි අවි සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමට සමාන ඇඳුම් භාවිතා කර තිබීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

මේ පිළිබඳව ඊයේ (08) නිකුත් කරන ලද දිවයින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් ම කරුණු හෙළි කරනු ලැබීය. ඉන්පසුව අද නිකුත් කර තිබෙන සියලුම පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස ද ඒ පිළිබඳ කරුණු හෙළිකර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුම් සඳහා යොදා ගන්නා රෙදි ම යොදා ගනිමින් ශිෂ්‍ය භට සිසුන් සඳහා ඇඳුම් මසා තිබී ඇත. මේ සම්බන්දයෙන් සැකපිට අනුරාධපුරයේ රෙදි අලෙවිහලක හිමිකරුවෙකු අත්තඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බව පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී මාධ්‍යයට හෙළිකර තිබිණි.

වඩාත් ම බරපතළ කාරනාව වන්නේ මේ සිසුන් හට T56 ගිනි අවි ලබා දීම කෙසේ සිදු කරන ලද්දේ ද යන්නයි. ඒ සම්බන්ධයෙන් මූලික වගකිවයුත්තෙකු සම්බනදයෙන් මේ දක්වා ම කරුණු ඉදිරිපත් වී නැත. අදාළ ශිෂ්‍ය භටයන් එම ස්වයංක්‍රීය ගිනි අවි සමඟ නිල ඇඳුමින් සැරසුණු ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්