ඡන්දයට සූදානම් වන්න – දැනට ප්‍රතිඵල මෙන්න

ඡන්දයට සූදානම් වන්න – දැනට ප්‍රතිඵල මෙන්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක් එක් දිස්ත්‍රික්ක අනුව සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් ලියාපදිංචි වී සිටින ඡන්දදායකයින් සංඛ්‍යාව මේ වනවිට මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.

මෙම ජනාධිපතිවරණය සඳහා වලංගු වන 2023 ඡන්දහිමි නාම ලේඛනයට අනුව වැඩිම ඡන්ද හිමියන් ලියාපදිංචිව සිටින දිස්ත්‍රික්කය ගම්පහ වන අතර එහි ඡන්දදායක සංඛ්‍යාව 1,846,520කි. මැතිවරණ ආසන 13ක් පුරා මෙම පිරිස විසිරී සිටිති.

එහෙත් වැඩිම ඡන්දදායකින් පිරිසක් ලියාපදිංචි වී සිටින ආසනය නුවරඑළිය වන අතර 341,563ක් ලියාපදිංචිව සිටී. එසේම හෝමාගම 211,223ක් සහ කඩුවෙල 200,856ක් ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් අවම ඡන්දදායකින් පිරිසක් බටහිර කොළඹ ආසනයෙන් ලියාපදිංචිව සිටිති. එම සංඛ්‍යාව 42,472කි.

මැතිවරණ දිස්ත්‍රික් 22 පුරා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ලියාපදිංචිව සිටින සමස්ත ඡන්දදායක සංඛ්‍යාව 16,854,298කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්