රනිල් රට පුරා ඇති ජනාධිපති මන්දිරවලින් වැඩ ගනියි

රනිල් රට පුරා ඇති ජනාධිපති මන්දිරවලින් වැඩ ගනියි

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මහජන දේපළ අවභාවිතා කර ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින රනිල් වික්‍රමසිංහ රට පුරා පිහිටි ජනාධිපති මන්දිර ද මේ සඳහා යොදා ගැනීම ආරම්භ කර තිබේ.

පසුගිය 07 වෙනි දින මහනුවර පිහිටි ජනාධිපති මන්දියේදී එක්සත් ජාතික පක්සයේ ක්‍රියාකාරිකයින් රැස් කරවා පවත්වන ලද හමුව මේ සඳහා ආසන්නම උදාාහරණය වී තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ එම පක්ෂ ක්‍රියාකාරිකයින් හමුවේ කරන ලද කතාව ද ජනාධිපති මාධ්‍ය ඒකකය යොදා ගනිමින් ප්‍රචාරය කර තිබිණි.

“මා රටේ නායකත්වය කරා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය ද සමඟයි” යන සිරස්තලය යටතේ රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් ප්‍රචාරය කර තිබේ.

අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස, එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනී කෝන්ගහගේ, මහනුවර මහනගර සභාවේ හිටපු නගරාධිපති කේෂර සේනානායක, එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක චානක අයිලප්පෙරුම යන එම පක්ෂයේ මූලිකයන් ද මෙම රැස්වීමට සහභාගී වූ බව අදාළ මාධ්‍ය නිවේදනයෙන් හෙළිකර තිබිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්