“ප්‍රේමදාස ක්‍රමයට” සුපිරි ගැහිල්ලක්

“ප්‍රේමදාස ක්‍රමයට” සුපිරි ගැහිල්ලක්

තම පියාණෝගේ අඩිපාරේ යන බව සජිත් ප්‍රේමදාස දේශපාලන වේදිකාවල නිතර ප්‍රකාශ කරන අතර 1980 දශකය මුලදී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනවල සේවකයන් දහස් ගණනක් එලියට ඇද දමා උදාගම් නිවාස ව්‍යාපෘතියෙන් අති විශාල මූල්‍ය අපරාධ සිදු කර ඇති බව එම කාලයේ මාධ්‍ය වාර්තාවලින් අනාවරණය වේ.

උදාගම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් ලබාදීමේදී සහ ප්‍රචාරක කටයුතුවලදී විශාල මුදල් ප්‍රමාණයක් අවභාවිතා කර ඇති බවට එකල වාර්තා උපුටා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙමින් පවතී.

“උදාගම් නිවාස තැනීමේදී කොන්ත්‍රාත්, ටෙන්ඩර්, ප්‍රචාර ආදී හැම දෙයක් සඳහාම ගිය වියදම් බලන කළ එක් නිවසක් සඳහා රුපියල් 35,000කට අධික මුදලක් වැය වෙන බව කියවේ. නිවාස ණය වශයෙන් රුපියල් 20,000ක් දුන්නා නම් තමනට වඩා හොඳ නිවසක් හදා ගෙන ණය මුදල ද ගෙවීමට හැකි බව නිවාස ලාභීහු කියති.” යනුවෙන් එක් සටහනක් සංසරණය වෙමින් පවතින අතර එය උපුටා ගෙන ඇත්තේ කිනම් පුවත්පතකින් දැයි බොහෝ දෙනෙකු විමසිලිමත් වෙති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්