අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත්කර තිබෙන වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියොග කර ඇත.
කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝග නිකුත් කර ඇත්තේ, තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට එරෙහිව එම තිදෙනා විසින් ගොනුකළ පැමිණිලි අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
අදාළ පැමිණිලිවල වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන, වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
139










