අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ නීතීඥ දිවියට වසර 40ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා පවත්වන ලද බව කියන රාත්‍රී සාදයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නීතිපති සංජය රාජරත්නම්, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ පිරිස පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණය වී තිබේ.
මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු සහ දේශපාලනඥයන් සහභාගී වීම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කර තිබූ ලයිස්තුව පහත දැක්වේ.
“හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු කතානායක කරූ ජයසූරිය, ජාතික ආරක්ෂාව පිළිඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, නීතිපති සංජය රාජරත්නම්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, රාජ්‍යතාන්ත්‍රිකයින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු විනිසුරුවරුන්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලධාරීන් ඇතුළු නීතිඥවරුන් සහ විජයදාස රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් සහ සමීපතමයින ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.”
ආශ්‍රිත පුවත්










