අලුත් මුට්ටියක් ඉහළින්ම

වත්මන් රජයේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඊයේ (05) රාත්‍රියේ කොළඹ හිල්ටන් හෝටලයේදී සාදයක් පවත්වා කුමකට සැරසෙන්නේ දැයි දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබෙන බව වාර්තා වේ.

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ නීතිඥ දිවියට වසර 40ක් සම්පූර්ණවීම සහ ජනාධිපති නීතිඥයෙකු ලෙස වසර 20ක් සම්පූර්ණවීම නිමිත්තෙන් එම සුපිරි සාදය පවත්වන බව ප්‍රචාරය කර තිබිණි. එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුවරුන් මෙන් ම අභියාචනාධිකරණයේ විනිසුරුවන් ප්‍රමුඛ විශාල ප්‍රභූන් පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තමන්ට ද සුදුසුකම් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ කතාවකදී හෙළිකර තිබිණි. ඉන්පසුව අවස්ථා කිහිපයකදී ම, ජනාධිපති අපේක්ෂකයෙකු වීමට තමන්ට කිසිම නුසුදුසුකමක් නැතැයි අවධාරණය කර තිබිණි.

මෙම තත්වය තුළ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ මෙම සුපිරි රාත්‍රී සාදය ඉහළින්ම මුට්ටිය දා බැලීමක් දැයි දේශපාලන විචාරකයන්ගේ සැකයට හේතු වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්