අවුරුදු නැකත් හුටපටෙන් ඇමතිගේ නැකත තීරණය වෙයි

මෙවර අලුත් අවුරුදු වෙනුවෙන් නැකත් චාරිත්‍ර මැදියම් රැයේ යොදා ගැනීම පිළිබඳව ඇති වී තිබෙන සංවාදය මුල් කර ගෙන නැවත වරක් සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායකට ඇමති ධුරය එපා වී ඇති බව ප්‍රකාශ කර තිබේ.

මෙයට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේ සහ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඇමති ධුර දරණ අවස්ථාවලදී ද ඔහු කෙරෙහි අවධානය යොමු කර ගැනීම සඳහා ආණ්ඩු විරෝධී ස්වරූපයක් ගන්නා යම් යම් ප්‍රකාශ සිදු කර තිබිණි. රනිල් වික්‍රමසිංහ යටතේ ද, බුද්ධ සාසන හා සංස්කෘතික කටයුතු ඇමති ධුරය බාර ගෙන සිටින ඔහු ඊයේ (05) පවත්වන ලද මාධ්‍ය හමුවකදී “මා ඇමති ධුරයේ වැඩ කරන්නේ කලකිරීමෙන්“ යන අදහස ඉස්මතු වෙන ප්‍රකාශ සිදුකර ඇත.

අවුරුදු චාරිත්‍ර සඳහා ලබා දී තිබෙන නැකත් මුල් කර ගනිමින් දෙපිරිසක් අතර ද්වන්ධ මත ගැටීමක් ඇතිවීමට සලස්වා ජනතාවගේ දැයෙන ප්‍රශ්න යට කිරීමට ආණ්ඩුව සැලසුම් සහගතව මෙම මත ගැටුම සඳහා විශාල ප්‍රචාරයක් දෙනු ලැබීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්