මේ වනවිට ජනගහනයෙන් ලක්ෂ 57ක් දක්වා දරිද්‍රතාවය වැඩි වී ඇති බවත් දිනක මූලික අවශ්‍යතා වෙනුවෙන් වියදම් කළ හැකි ඩොලර් 3.65ක් නොලබන පිරිස දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් බවත් ලෝක බැංකුව හෙළි කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල ලෝක බැංකු වාර්තාව උපුටා ගනිමින් ලංකාදීප පුවත්පතට මේ බව හෙළි කර තිබිණි. මෙම පිරිස දරිද්‍රතාවට ඇද වැටීමට හේතු වී ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමි විම සහ ආදායම් කඩාවැටීම යනාදී හේතු නිසා බව එම වාර්තාවේ දක්වා ඇත.
418










