රනිල්ගේ රැස්වීමට තරුණයින් ගෙන්වන්න යෞවන සමාජවලට බලපෑම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (07) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා පිරිස ලෙස තරුණයින් සහභාගී කරවා ගැනීමට සෞවන සමාජවලට බලපෑම් කිරමින් තිබෙන බව වාර්තා වේ.

මේ සඳහා ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ විසින් තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල් / සභාපති, මධ්‍යම පළාත් අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් සහ මහනුවර යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනයේ සභාති යන සිව් දෙනාට කාරුණික දැනගැනීම සඳහාත්,

ජ්‍යෙෂ්ඨ තරුණසේවා නිලධාරී එච්.ජී ප්‍රියංකර විජය කුමාර, ජ්‍යෙෂ්ඨ තරුණසේවා නිලධාරීනි එම්.එන්.ජේ පිරීස්, නිස්කෝ සාමාන්‍යාධිකාරී ඩ්.එම්.ඒ සමරසේකර යන තිදෙනාට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහාත්,

සියළුම තරුණ සේවා නිලධාරීන් සහ නිලධාරිනියන්හට තරුණ තරුණියන් 30 දෙනෙකු කණ්ඩායම් භාර නිලධාරීන් වෙත යොමු කිරීම සඳහාත් පිටපත් සහිතව ලිපිය යොමුකර ඇත.

එම ලිපිය යොමු කර ඇත්තේ ජාතික තරුණ සේවා සභාවේ මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ දිස්ත්‍රික් ලේකම් ඉසර්ඩ් ඒ හිලූර්ඩීන් වෙතය.

එම තරුණයින් ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ලෙස බස් රථ සූදානම් කර ඇත බවත් තරුණ තරුණියන් 500 දෙනෙකු පස්වරු 02ට පෙර මහනුවර ජනාධිපති මන්දිර පරිශ්‍රයට සහභාගී වී සිටිය යුතු බවත් එම තරුණයින් අතර ජනාධිපතිට අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා සුදුසු තරුණ තරුණියන් හඳුනාගෙන ඒ අයගේ නාමලේඛණයක් ලබා දෙන ලෙසත් එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්