ඇමරිකාවේ මීට සති දෙකකට පෙර සිදුකරන ලද ඌරු වකුගඩුවක් බද්ධ කිරීමෙන් සුව ලැබූ රෝගියෙකු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ මාධ්‍ය වෙත වාර්තා කර සිටි. බොස්ටන්හි මැසචුසෙට්ස් මහ රෝහලේදී ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු වකුගඩු බද්ධ කිරීම සාර්ථකව සිදු කර ඉන් සති දෙකකට පසුව 62 හැවිරිදි ඇමරිකානු Rick Slayman රෝහලෙන් පිටව ගොස් ඇත. පසුගිය වසරේ දී ඌරෙකුගෙ වකුගඩුවක් මොලය මිය දුනු පුද්ගලයෙකු හට බද්ධ කිරීමෙන් මාස දෙකක කාලයක් ක්‍රියාන්විතව තබා ගැනීමට ඇමරිකාවේ NYU රෝහලේ වෛද්‍යයවරුන් සමත් වීමත් සමග සත්ව අවයව මිනිසුන්ට බද්ධ කිරීම පිළිබඳ ලොව පුරා කතා බහට ලක් වී ඇත.
Rick Slayman නම් ඇමරිකානු රෝගියාට ලොව ප්‍රථම වරට මෙම වකුගඩු ඉන්ද්‍රිය බද්ධ කරනු ලැබුවේ මාර්තු 16 වැනිදාය. අදාල සැත්කම ඇමරිකාවේ බොස්ටන් රෝහලේ පැය හතරක් පුරා පැවතිණි. 62 හැවිරිදි Rick Slayman වකුගඩු අකර්මණ්‍ය වීමේ අවසාන අදියරෙන් පෙළෙන අතර, වකුගඩු වලට තවදුරටත් තනිවම ක්‍රියා කළ නොහැකි නිදන්ගත රෝගය නිසා පීඩාවට පත් වූ පුද්ගලයෙකි. Rick Slayman අධික රුධිර පීඩනයෙන් හා දියවැඩියා රෝගයෙන් ද දරුණු ලෙස පීඩා විදීමෙන් පසු ඔහුගේ වකුගඩු දුර්වල වීම ආරම්හ ව තිබිණි. අද වන විට ඔහුගේ වකුගඩු සම්පුර්ණයෙන් ක්‍රියා විරහිත වී ඇති අතර ඔහු තවදුරටත් රුධිර කාන්දුකරණය සඳහා යොමු වී නොමැත.
ඒ අනුව ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු වකුගඩුව බද්ධ කිරීමට පෙර බොහෝ කාලයක් පුරා සිදු කර ඇති පරීක්‍ෂණය රාශියකින් පසුව එය Rick slayman හට බද්ධ කිරීමට තීරණය කර ඇත්තේ පසුගිය මාර්තු 16 වැනිදාය. මෙම බද්ධ කිරීම සිදු කල මැසචුසෙට්ස් මහ රෝහලේ (MGH) ඔහුගේ වෛද්‍යවරුන් පවසන පරිදි මෙම සැත්කම අවසානයේ Rick Slayman රෝගියා රෝහලෙන් පිටව යාමට තරම් “හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසු වූවේය. මැසචුසෙට්ස් මහ රෝහලේ (MGH) ඔහුගේ වෛද්‍යවරුන් ප්‍රකාශ කරනුයේ මෙම බද්ධ කිරීම “වෛද්‍ය විද්‍යාවේ දැවැන්ත සන්ධිස්ථානයක් සටහන් කරනු ලබන බවයි.
වකුගඩු රෝගයේ අවසන් අදියරට පැමිණි Rick Slayman පවසන්නේ මෙම විශේෂ අවයව බද්ධ කිරීම නිසා තමන්ට තවත් ඉදිරි වසර ගණනාවක් ජීවත්වීමට හැකියාව ලැබෙනු ඇති බවයි. වසර අටක් පුරා තම ජීවන තත්ත්වයට බලපා ඇති ඩයලිසිස් බරින් මිදී නව ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසා දුන් හා ඔහු මුහුණ දුන් මෙම ඓතිහාසික අවයව බද්ධ කිරීමේ සැත්කම අතරතුර ඔහු ගැන සැලකිලිමත් වූ සහ එයට සම්බන්ධ වූ සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලයට හා සේවකයින්ට ඔහු තම ස්තූතිය පල කළේය.
Rick Slaymanව මෙම පර්යේෂණාත්මක මෙහෙයුම සඳහා තෝරා ගනු ලැබුවේ ඔහුට ඉතිරිව තිබු අවසන් විකල්ප වලින් එකක් ලෙස මෙම බද්ධ කිරීම ඉතිරිව තිබූ නිසා බව රෝහල් වෛද්‍යවරුන් newyork times පුවත්පතට අවධාරණය කළහ. ඔහුට ඩයලිසිස් සඳහා ඔහුගේ රුධිර නාලවල ගැටලු මතු වී තිබූ අතර මිනිස් වකුගඩුවක් ලබා ගැනීමට බොහෝ කාලයක් බලා සිටීමට ද සිදු වී තිබිණි. මෙය Slayman ගේ දෙවන වකුගඩු බද්ධ කිරීම ය. වසර 7ක් තිස්සේ ඩයලිසිස් ප්‍රතිකාරය ලබා දීමෙන් පසුව, වසර ගණනාවක් තිස්සේ 2 වර්ගයේ දියවැඩියාවෙන් පෙළුණු ඔහුට 2018 දී මානව පරිත්‍යාගශීලියෙකුගෙන් වකුගඩුවක් ලැබුණි. නමුත් එම වකුගඩුව වසර පහකට පසු අක්‍රිය විය. ඉන් පසුව අවසානයේ ඔහු මෙම නව ඌරු වකුගඩුව බද්ධ කිරීමේ පරීක්ෂණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවේය.
ඇතිවිය හැකි වෙනත් සංකූලතා හේතුවෙන් RICK SLAYMAN හට සති දෙකකට වරක් “අවහිර කිරීම” සහ “ශල්‍යකර්ම” ක්‍රියා පටිපාටි සඳහා යලිත් රෝහලට යාමට අවශ්‍ය වන අතර එය ඔහුගේ ජීවන තත්ත්වයට ඍජුවම බලපාන බව මැසචුසෙට්ස් මහ රෝහල මේ අතර පවසා සිටි. බරපතල රෝගාබාධවලින් පෙළෙන රෝගීන්ට පර්යේෂණාත්මක ප්‍රතිකාර සිදු කිරීම සඳහා ප්‍රවේශ විය හැකි පරිදි තම කාර්ය මණ්ඩලය නිදහස් කිරීමට දායක වීම පිළිබඳව රෝගියාගේ පවුලට හා ඇමරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට රෝහල් පරික්ෂක කණ්ඩායම තම ස්තූතිය පල කළහ.
ඌරු වකුගඩුව CRISPR-Cas9 තාක්ෂණය භාවිතයෙන් ජානමය වශයෙන් වෙනස් කර ඇති අතර එය “හානිකර ඌරු ජාන ඉවත් කර එය මිනිස් සිරුර සමඟ ගැලපීම වඩාත් වැඩි දියුණු කිරීම සඳහා මිනිස් ජාන කිහිපයක් එකතු කරනු ලැබ ඇත”.
වකුගඩු යනු ලොව ඉතා බහුල වශයෙන් බද්ධ කරන ඉන්ද්‍රියක් වන නමුත් ඒ සඳහා බද්ධ කිරීම සඳහා ඇති ඉල්ලුම අවයව ලබා දීමේ ප්‍රමාණයට වඩා ඉක්මවා ගොස් ඇත.
සත්ව අවයව මිනිසුන්ට බද්ධ කිරීම ඇතුළත් වන Xenotransplantation, ක්‍රම වේදය සාර්ථක විසඳුමක් ලෙස මේ වන විට ඉදිරිපත් වෙමින් ඇති විකල්ප විසඳුමක් ලෙස ද වෛද්‍ය විද්‍යාව හඳුනා ගෙන ඇත.
මීට පෙර 2002 වර්ෂයේදී ඇමරිකාවේ මාරිලන්ඩ් හි 57 හැවිරිදි david benat නම් රෝගියෙකුට ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු හදවතක් බද්ධ කලද සැත්කමෙන් මාස දෙකකට පසු ඔහු මිය ගියේය. ඔහු මිය ගියේ ඔහුගේ තත්වය දින කිහිපයකට පසු නරක අතට හැරීමට පටන් ගැනීමෙන් පසුව බව මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ඔහු සුව නොවන බව පැහැදිලි වූ විට, රෝග නිවාරක ප්‍රතිකාර ලබා දී තිබිණි. කෙසේවෙතත් මාරිලන්ඩ් හි ඇමරිකානු වෛද්‍ය මණ්ඩලය මාධ්‍ය වෙත පවසා සිටියේ රෝගියා මිය ගියද ඔහුගේ හදවත සති කීපයක් පුරා කිසිදු සංකුලතාවයක් ඇති නොවී යහපත් ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා සත්ව අවයව බද්ධ කිරීම පිළිබඳව බලාපොරොත්තු තැබීමට හැකි වූ බවයි.
ඉන් පසුව ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් මොළය මිය ගිය මිනිසෙකුට බද්ධ කිරීමෙන් දින තිස් දෙකකට පසුව දිගටම ක්‍රියාත්මක වූ බව එම පරීක්ෂණය සිදු කළ නිව් යෝර්ක් හි NYU Langone රෝහලේ ඇමරිකානු කණ්ඩායම 2023 වසරේ අගෝස්තු 16 බදාදා නිවේදනය කළේය. “මිනිසෙකු තුළ ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු වකුගඩුවක් ක්‍රියාත්මක වූ දීර්ඝතම කාලය මෙයයි” යනුවෙන් එම රෝහල එහි දී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
NYU ප්‍රතිග්‍රාහකයාගේ අවයවයට වඩා වෙනස් ජීව විද්‍යාත්මක විශේෂයක අවයවයක් බද්ධ කිරීමෙන් සමන්විත මෙම xenograft පරීක්‍ෂණය මෙම ආයතනයේ සිදු කරන ලද පස්වෙනි සැත්කමයි. 2023 ජූලි 14 වන දින මොළය මිය ගිය 57 හැවිරිදි පුද්ගලයෙකුට මෙම පරීක්ෂණය සිදු කරන ලදී. වකුගඩු වල සාමාන්‍ය මුත්‍රා නිෂ්පාදනය සහ ක්‍රියේටිනින් මට්ටම් (මාංශ පේශි ක්‍රියේටීන් බිඳවැටීමෙන් ඇතිවන රුධිර අපද්‍රව්‍ය) සමඟ අඛණ්ඩව ක්‍රියා කළ අතර එය සිදුරු කිරීමෙන් පසු සාමාන්‍ය මට්ටමට අඩු විය. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ බද්ධ කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුවය.
කෙසේවෙතත් දින 32ක් පුරා අදාළ බද්ධ කිරීම මගින් මිනිස් වකුගඩුව සාර්ථකව ක්‍රියාත්මක කරලීමට පරීක්ෂණ කණ්ඩායම සමත් වීමත් සමග එය ප්‍රථම වතාවට මාර්තු 16 වැනිදා RICK SLAY MAN ශරීරයට බද්ධ කිරීම සිදු කරන ලදී. ඒ අනුව දින කීපයකට පසුව පැය හතරක් පුරා සිදුකරන ලද සැත්කමකින් පසුව එහි සාර්ථක ප්‍රථිපල අත්පත් කර ගැනීමට බොස්ටන්හි මැසචුසෙට්ස් මහ රෝහලේ වෛද්‍යවරු සමත් වූ බව පසුගිය සතියේ බ්‍රහස්පතින්දා නිවේදනය කළහ.
නමුත් xenograft, සත්ව අවයව මිනිසුන්ට බද්ධ කිරීම තුල දී පෙර නියමයෙන් අවයවය ලබන්නාගේ අවයව පද්ධතිය විදේශීය ඉන්ද්‍රියයට පහර දීමට නැඹුරු වන බැවින් එය සංකීර්ණ ක්‍රියාවලියක් බව යුරෝපීය වෛද්‍ය වරයෙකු වන මහාචාර්ය ඔලිවියර් බැස්ටියන් මේ අතර පවසා සිටි.
“අදාල මිනිස් අවයවය ඌරු වකුගඩුව ප්‍රතික්ෂේප කිරීමේ අදියර කිහිපයක් තිබේ. අදාළ ඇමරිකානු රෝගියා සඳහා අපි සිටින්නේ මෙම උග්‍ර ප්‍රතික්ෂේප කිරීමේ අවධියේ. ඉන් පසුව දෙවන, වඩාත් සංකීර්ණ අවධියක් ඇත. එය නිදන්ගත ප්‍රතිදේහ මගින් අවයවයේ ප්‍රතික්ෂේප කිරීම පාලනය කිරීම සෙමින් සිදු වනු ඇත. එහෙත් වසර 10 ක් හෝ 15 පුරා ප්‍රතික්ෂේප කිරීම් සිදු විය හැක. නමුත් අපි එවැනි අවස්ථාවක නොමැති වුවත් සංකේතාත්මකව මෙම පරීක්ෂණය සාර්ථක වූ වෛද්‍ය විද්‍යාවේ අතිශයින්ම වැදගත් දිනයක් බවට මාර්තු 21 දිනය පත්වන බවට කිසිදු විවාදයක් නෑ” ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.
ශ්‍රී ලංකාව තුල ඇතුළු ලොව පුරා මේ වන විට වකු ගඩු රෝග වලින් දුක් විඳින දහස් සංඛ්‍යාත රෝගීන්ට මෙම පුවත වඩාත් සතුටු විය හැකි පුවතක් වනු ඇත. ප්‍රංශයේ 20-30,000ත් රෝගීන් සමඟ සසඳන විට එක්සත් ජනපදයේ ආසන්න වශයෙන් රෝගීන් 100,000ක් වකුගඩු බද්ධ කිරීමක් අපේක්‍ෂාවෙන් සිටිති. න්‍යායාත්මකව, මෙම රෝගීන්ට ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරු වකුගඩු බද්ධ කිරීමක් කළ හැකිය. එහෙත් ඒ සඳහා ගත යුතු පියවර රාශියක් තිබෙන බවත් සංකීර්ණ ජෛව තාක්ෂණ කර්මාන්තය එක්සත් ජනපදය ආරම්හ කරනු ලැබුවේ මීට වසර 10 කට පෙර බවත් අනෙකුත් රටවල් ඒ සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදැක්වූ බව මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද චෝදනා කර සිටි.
“මම එය දුටුවේ මාගේ ජීවිතය සඳහා වූ ලබා ගත් වරප්‍රසාදයක් ලෙස පමණක් නොව, ජීවත් වීම සඳහා වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය ලොව පුරා වෙසෙන දහස් සංඛ්‍යාත රෝගීන්ට බලාපොරොත්තුවක් ලබා දීමේ මාර්ගයක් ලෙසයි,” යයි RICK SLAYMAN අවසාන වශයෙන් මාධ්‍ය වෙත පවසා සිටියේය.










