ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දැරු සමයේ පත් කරන ලද “ජනාධිපති කාර්ය සාධක බලකාය“ යනුවෙන් නම් කළ කමිටු ගණනාවක ප්‍රධානී ලෙස පත්කර සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කුමන්ත්‍රණය නම් ලියවිල්ල තුළ අතුරුදහන් කර ඇත.
කොවිඩ් 19 වෛරස ව්‍යාපෘතිය මර්දනය කිරීමේ කටයුතු වෛද්‍ය සහ ක්ෂුද්‍ර විද්‍යා ඒකකවලින් බැහැරව සියළු වගකීම් යුද හමුදාවට පවරා තිබිණි. කොවිඩ් මර්දනය වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ද පත් කර තිබුණේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ය.
එහෙත් කුමන්ත්‍රණය නම් ලියවිල්ලේ 36 පිටුවේ එම බලකායට පත් කර සිටි අනෙකුත් සාමාජිකයන් සියලු දෙනාගේ නම් ඇතුලත් කර ශවේන්ද්‍ර සිල්වාගේ නම අතුරුදහන් කර ඇත.

942










