නියඟය දළුලද්දී වැව් 4ක් වනසයි

නියඟය දළුලද්දී වැව් 4ක් වනසයි

මේ වනවිට රට පුරා දරුණු නියඟයක් ඇතිවී තිබියදී රජරට ප්‍රදේශයේ වැව් හතරක ජලය මුදා හැර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙලෙස වැව් හතර (4) හිස් කර ඇති අතර පිටවාන් අලුත්වැඩියා කිරීමට ජලය මුදා හැර ඇති බව ප්‍රකාශ කර තිබේ. වැලිකන්ද සෙවනපිටියේ නෙළුම්වැව 1, නෙළුම්වැව 2, බොරවැව සහ රිදී පොකුණ යන වැව්වල ජලය නිරපරාදේ මුදා හැර ඇත.

මේ නිසා ප්‍රදේශවාසීන්ට සහ ගව හිමියන් ඇතුළු සත්ව පාලනයේ යෙදී සිටින්නන්ට ද උග්‍ර ජල අර්බුදයක් ඇති වී තිබේ. එමෙන් ම යල කන්නයේ වගා කළ හැකිව තිබූ කුඹුරු අක්කර 1,500කට වැඩි ප්‍රමාණයක් අත්හැර දැමීමට සිදුවී ඇතැයි ද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දී ඇත.

මේ නිසා ධීවර පවුල් 100ක පමණ ජීවන වෘත්තීය අහිමි වී තවත් පවුල් 1,500ක පමණ ජීවන මාර්ගද මුලුමනින්ම බිඳ වැටී ඇති බව ද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn