ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු වූයේ 2015 -2019 කාලයේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස සිටි ආණ්ඩුවෙන් ලබා ගත් ස්වෛරීත්ව බැඳුම්කර ණය තොගය බව දැක්වීමට ගෝටාබය රාජපක්ෂගේ නමින් නිකුත් කර තිබෙන ලියවිල්ලේ උත්සාහ කර ඇති අතර මහින්ද රාජපක්ෂද එම ණය ගැනීමට මුල පිරූ ආකාරය දත්ත සහිතව හෙළි කර ඇත.
මහින්ද රාජපක්ෂ රජය 2007 සිට 2014 වර්ෂය අවසානය දක්වා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීමෙන් ඩොලර් මිලියන 5,500ක් ලබා ගෙන තිබේ. එහෙත්, අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ 2015 -2019 කාලයේදී ස්වෛරීත්ව බැඳුම්කර මගින් ඩොලර් මිලියන 15,000ක් දක්වා මහින්ද රාජපක්ෂ මෙන් “තුන් ගුණයකින් වැඩි කලේය” යනුවෙන් දක්වා තිබේ.
මෙරට ආර්ථිකය බංකොලොත් භාවයට හෙළන ලද ණය ලබා ගැනීම 1948න් පසුව ස්වදේශීය පාලකයන් යටතේ පිහිටවූ ආණ්ඩු තරඟයට මෙන් කරනු ලැබීය. විදේශ වාණිජ වෙළඳපොළෙන් ගිනි පොලියට ණය ගැනීම 2007 වසරේදී මහින්ද රජපක්ෂ ආරම්භ කළ පසු එම මාවතේ ම ඉදිරියට යමින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ද ඩොලර් මිලියන 12,050ක ගිනි පොලී ණයක් වසර 4ක් තුළ ලබා ගෙන තිබේ.










