නුවරඑළියෙන් පැරදුණු රනිල් ගාලු කොටුවට දිෂ්ඨි හෙළයි

නුවරඑළියෙන් පැරදුණු රනිල් ගාලු කොටුවට දිෂ්ඨි හෙළයි

නුවරඑළිය තැපැල් කාර්යාලය බලහත්කාරයෙන් පවරා ගෙන විකිණීමට දැරූ උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසුව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ගාලු කොටුව තුළ ද පිහිටා තිබෙන රජයේ සියලුම කාර්යාල ඉවත් කර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

මාර්තු 14 වෙනි දින ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන් කර ඇත. සංචාරක හෝටල් පරිශ්‍රයක් විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ කතාවකදී මේ බව සඳහන් කර තිබේ. “ගාලු කොටුවේ තිබෙන රජයේ කාර්යාල එයින් ඉවත් කර සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ලබාදීමට අප කටයුතු කරනවා. ඒ වගේම මහමෝදර ගාල්ල බන්ධනාගාරය වැනි ස්ථාන සංචාරක කළාපයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.” ආදී වශයෙන් ප්‍රකාශ කර ඇත.

නුවරඑළිය තැපැල් කාර්යාලය බලහත්කාරයෙන් පවරාගෙන සංචාරක හෝටලයක් සඳහා විකුණා දැමීමට උත්සාහ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොඩ නැගුණු දැඩි විරෝධය හමුවේ මේ වනවිට එය තාවකාලිකව අත්හිටුවා ඇත. එසේ තිබියදී ගාල්ල කොටුවේ පවතින රජයේ කාර්යාල ඉවත් කිරීමට පෙළඹී සිටී.

Facebook
Twitter
LinkedIn