ශ්‍රී ලාංකික ළඳුන් නිරුවත් කළ ප්‍රසංගයක් රෝමයේ

ශ්‍රී ලාංකික ළඳුන් නිරුවත් කළ ප්‍රසංගයක් රෝමයේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 609ක අලාභයක් හිමි කර ගෙන ඇති අතර එය විකිණීම සඳහා ඉදිරිපත් කිරීමෙන් ලැබී තිබෙන ලන්සුව බිලියන 500ක් බව අනාවරණය වී තිබේ.

එම ගුවන් සමාගම “අපේ ජාතික ගුවන් සේවය” යනුවෙන් හැඳින්වූ අතර මෑතකදී අති විශාල වංචා දූෂණ ප්‍රමාණයක් සිදු කිරීම නිසා මෙම අලාභය ක්‍රමානුකූලව ඉහළ ගොස් මේ වනවිට රුපියල් බිලියන 609ක් දක්වා වර්ධනය වී ඇත. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔහුගේ බිරිඳගේ සොහොයුරා (මස්සිනා) වන නිෂාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් සමාගමේ සභාපතීත්වය දැරූ සමයේ එම ආයතනය රාජපක්ෂ පවුලේ බූදලයක් සේ සලකා ක්‍රියා කරනු ලැබීය.

එයාර් ලංකා ගුවන් සමාගම පසුව ශ්‍රී ලංකන් එයාර්වේස් යනුවෙන් හැඳින්වූ අතර එයාර් බස් 15ක් මිලදී ගැනීම සඳහා අති විශාල මුදලක් අත්කාරම් ලෙස ගෙවා තිබිණි. නමුත් රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ එම මිලදී ගැනීමේ අවබෝධතා ගිවිසුම අවලංගු කිරීම සඳහා ද විශාල වන්දියක් ගෙවනු ලැබීය. එහිදී වික්‍රමසිංහ පාලනය යටතේ විශාල මූල්‍ය අපරාධයක් සිදු කළ බව කරුණු සහිතව හෙළිවී තිබිණි.

මෙසේ තිබියදී මිහින් ලංකා යනුවෙන් නව ගුවන් සමාගමක් ද රාජපක්ෂ පාලනය විසින් බිහි කළ අතර එය ලැබූ විශාල පාඩුව ශ්‍රී ලංකන් එයාර්වේස් ගුවන් සමාගමට පවරනු ලැබීය.

සමාගම ආරම්භ කළ 1980 දශකයේ සිට අති විශාල ප්‍රචාරක වියදම් ප්‍රමාණයක් විදේශීය වශයෙන් ද දරා තිබිණි. රෝමයේ පවත්වන ලද එවැනි ප්‍රචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ්‍රී ලාංකික තරුණියන් නිරුවත් කළ සන්දර්ශන ඉදිරිපත් කිරීම ගැන 1987 නොවැම්බර් මාසයේ පළ කරන ලද රාවය සඟරාවෙන් තොරතුරු හෙළිකර තිබිණි. එයට සිරස්තලයක් යොදා තිබුණේ “ගිනිගත් රෝමයක එයාර් ලංකා සාජ්ජයක්” යනුවෙනි. පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවකට ජේආර් ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වී සිටීමද විශේෂත්වයකි.

දේශපාලන අනුග්‍රහයෙන් මේ ආකාරයෙන් ආරම්භයේ සිට ම සිදු කරන ලද මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් දිගින් දිගටම කෝප් කමිටු හමුවේ පවා තොරතුරු හෙළි වූවද නිසි ක්‍රියා මාර්ග නොගැනීමෙන් මේ වනවිට එම ආයතනය අති විශාල බරක් ලෙස හඳුන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn