IMF අප්‍රේල් අවසානය දක්වා කල් දෙයි

IMF අප්‍රේල් අවසානය දක්වා කල් දෙයි

ශ්‍රී ලංකාව ලබා ගෙන තිබෙන විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලසුම් සකස් කර අප්‍රේල් මස අවසන් වනවිට ණය හිමියන් සමඟ ඇති කර ගන්නා එකඟතා නිල වශයෙන් අවසන් කිරීම සිදු කළ හැකි බව ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කර ඇති අතර ඒ දක්වා කල් ලබා දීමට එම අරමුදලද එකඟ වී ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව මුලින්ම රටට ප්‍රකාශ කළේ 2023 ජූනි මස අවසන් වනවිට විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සිදු කරන බව පමණක් ය. එහෙත් මේ දක්වා එම විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට නොහැකි වී සිටින අතර දේශීය ණය ප්‍රශස්ථකරණය යන නමින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු දායක විශ්‍රාම අරමුදල්වලින් ලබා ගෙන තිබෙන ණය මත පටවා තිබේ. එහෙත් විදේශ ණය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සාර්ථකත්වයක් ලබා ගෙන නැත.

විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට ජාත්‍යන්තර මැදිහත්කාර ආයතන දෙකක් වූ ලසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් (Lazard, Clifford Chance) වෙත බාරදී ඩොලර් ලක්ෂ ගණනක් ගාස්තු වශයෙන් මේ වනවිටත් වියදම් කර තිබේ. විදේශීය රටවල් කිහිපයක් එම ණය ප්‍රතිව්‍යූහගත කිරීමට සූදානම් බව ආණ්ඩුව අවස්ථා කීපයකදී ප්‍රචාරය කළ ද මේ දක්වා එය යථාර්ථයක් කර ගැනීමට සමත් වූයෙ

1970 සිට 2020 දක්වා මෙරට විදේශ ණය ලබාගැනීම් – www.indiatoday.in

ශීඝ්‍රයෙන් පහළ බසින මෙරට විදේශ මුදල් සංචිත – www.indiatoday.in

ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ඇති ණය  – twitter.com/Roarlk

Facebook
Twitter
LinkedIn