හර්ෂ ආණ්ඩුවට කඩේ යනවා… ලස්සන වෙනවා… සජබෙට එක් වූ ඩිලාන් කියයි…

හර්ෂ ආණ්ඩුවට කඩේ යනවා… ලස්සන වෙනවා… සජබෙට එක් වූ ඩිලාන් කියයි…

විපක්ෂ නායක සජිත් පිලේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ වනවිට ආණ්ඩුවට කඩේ යමින් සිටින බවත් දැන් හර්ෂ ද සිල්වා වැඩියෙන්ම ප්‍රශංසාවට ලක් වන්නේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගෙන් බවත් පසුගියදා පොහොට්ටු පක්ෂයේ සිට සමගි ජන බලවේගයට එක් වූ මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (13) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිණි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ඩිලාන් පෙරේරා,

“හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා දැනගන්නට ඕනා, එතුමා පත් වෙන්නේ සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස මිසක් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ මුදල් ඇමති විදිහට නෙවෙයි. ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ රනිල් වික්‍රමසිංහගේ ගොඩ පෙරකදෝරුවා විය යුතු නැහැ. ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩියෙන්ම කවුරුද ප්‍රශංසාවට ලක් කරන්නේ? මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා.

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකමට විරුද්ධ පක්ෂයෙන් ආචාර්ය සිල්වා මැතිතුමාව නම් කළාම, මහින්දානන්ද අලුත්ගමගේලාම තමයි එතුමව අයින් කරලා වෙන කෙනෙක් දාල ඒක නොදී හිටියේ. එතකොට හර්ෂ ද සිල්වා කලුයි. සුදු නැහැ. ලස්සන නැහැ. බුද්ධිමත් නැහැ. දැන් ආණ්ඩුවට කඩේ යන වෙලාවට විතරක් බුද්ධිමත් වෙනවා, ලස්සන වෙනවා.” යනුවෙන් පවසයි.

Facebook
Twitter
LinkedIn