කෙහෙළිය ඇතුළු 06 දෙනාගේ ඇප ප්‍රතික්ෂේපයි

කෙහෙළිය ඇතුළු 06 දෙනාගේ ඇප ප්‍රතික්ෂේපයි

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 06 දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම මෙම නඩුව අවසන්වන තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගා ගත කිරීමටද නියෝග කර ඇත.

ඒ අදාළ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ අද (14) සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම නඩුව පවතින්නේ ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් ලබා දී රෝගී ජීවිතද අනතුරේ හෙළමින් රටට දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙනි.

Facebook
Twitter
LinkedIn