පොහොට්ටු පක්ෂයේ නිල නොවන ජාතික සංවිධායක ලෙස මේ වනවිටත් ක්‍රියා කරන හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තම අලුත්ම දේශපාලන ක්‍රියාමාර්ග හෙළිකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මුලුමනින්ම අවනත වී ඇති බව පිළිගෙන තිබේ.
ඊයේ (14) රාත්‍රියේ සිරස රූපවාහිනියෙන් විකාශනය කළ මුහුණට මුහුණ නම් සම්මුඛ සාකච්ඡාව පුරාම එම අවනතභාවය පළ කර තිබිණි. බැසිල් රාජපක්ෂ අවධාරණයෙන් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ රට ගොඩ ගත හැකි නායකයෙක් බවත් ඔහුට මහජන බලයක් හෝ හොඳ සංවිධාන ජාලයක් නොතිබෙන බවත් ය.
එම අඩුපාඩු පුරවාලමින් සමගි ජන බලවේගය පොහොට්ටු පක්ෂය රනිල් වික්‍රමසිංහ එකතු වී මීලඟ පාලනය පිහිටවිය යුතු බව අවධාරණය කරනු ලැබීය. “රට ගෙනියන්න පුලුවන් හොඳ නායකයා රනිල්” යනුවෙන් ඔහු වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. එම සාකච්ඡාව පුරාම බැසිල් රාජපක්ෂ ජාතික ජන බලවේගයේ වර්ධනය සම්බන්ධයෙන් බලවත් කැළඹිල්ලක සිටින බව ප්‍රදර්ශනය විය.










