ගොටා සලේවත් පාවාදෙයි

ගොටා සලේවත් පාවාදෙයි

ගෝටාබය රාජපක්ෂ රචනකරන ලද බව කියන “කුමන්ත්‍රණය” නැමති ලියවෙල්ලෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ අසමත්කම පිළිබඳවද කියවෙන සටහනක් එක්කර තිබේ.

එම ලියවිල්ලේ හැඳින්වීම නම් චේදයේ සඳහන් කර තිබෙන ආකාරයට 2019 වර්ෂයේ ගෝටාබය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමත් සමග විදේශීය කුමන්ත්‍රණ ආරම්භ වූ අතර රාජ්‍ය නොවන සංවිධානද ඒ අතර තිබූ බව සඳහන් කර ඇත. එමෙන්ම පසුකාලීනව කතෝලික පිරිස්ද එම ක්‍රමන්ත්‍රණකරුවන් සමග එක් වූ බව සඳහන් කර තිබේ.

ගෝටාබය රාජපක්ෂ ජනාධිපති වූ වහාම රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී ලෙස සුරේෂ් සලේ පත් කරනු ලැබීය. ගෝටාබය රාජපක්ෂගේ අතිශය හිතෛශීවන්තයෙකු වන ඔහු මෙවැනි කුමන්ත්‍රණ පිළිබඳව සේනාධිනායක ගෝටාබය රාජපක්ෂට වාර්තා කර නොතිබුණු බව ඔහුගේ “කුමන්ත්‍රණ” ලියවිල්ලෙන් ගම්‍ය කර තිබෙන අතර බලයෙන් පලවාහැරිය පසු මෙවැනි කරුණු මුදාහැරීම පිළිබඳව සමාජයේ වෙනමම සංවාදයක් ඇති වී තිබේ.

Facebook
Twitter
LinkedIn