ජනාධිපති රනිල් ඉතා වැදගත් දෙයක් අමතක කරලා

ජනාධිපති රනිල් ඉතා වැදගත් දෙයක් අමතක කරලා

මෙම වසර සඳහා රාජ්‍ය ණය ගැනීමේ සීමාව පෙර වසර මෙන් දෙගුණයකට ආසන්න මට්ටමකින් ඉහළ දමන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවිධ අර්ථකථන දෙමින් අසූරුම අවස්ථාවෙන් ගොඩ ගත් බව පැවසීම මුලුමනින්ම බොරුවක් බව තහවුරු වේ.

2023 වර්ෂය වෙනුවෙන් පැවති රජයේ ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් බිලියන 3,900කි. මෙම වසරේදී එය රුපියල් බිලියන7,350ක් දක්වා වසරකදී බිලියන 3,450කින් ඉහළ දමා තිබේ. 2024 අයවැය කතාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබීය.

“ඒ අනුව, ණය ගැනීමේ සීමාව රු. බිලියන 3,900 සිට රු. බිලියන 7,350 දක්වා රු. බිලියන 3,450කින් වැඩි කිරීමට මා යෝජනා කරනවා.” යනුවෙන් සඳහන් කර ඇති අතර ආර්ථික අර්බුදයේ එක් මූලයක් වී තිබෙන්නේ අසීමිත ලෙස රජය විසින් ණය ගැනීම ය.

Facebook
Twitter
LinkedIn