කුලියාපිටිය රැස්වීම – හෙන්ඩු සටනක් අලුතින් ඇවිලේ

රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කුලියාපිටියෙන් ආරම්භ කළ බව විශාල වශයෙන් ප්‍රචාරය කර තිබුණත් එම රැලියෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කුළල් කා ගැනීම් රැසක් වර්ධනය වී ඇති බව හෙළිවේ.

පසුගිය 12 වෙනිදා සවස එම පක්ෂයේ කලමනාකාරණ කමිටුව රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් රැස්වී තිබිණි. එම කමිටුවේදී කුලියාපිටිය රැලිය ගැන බරපතළ මත ගැටුම් රැසක් හට ගත් අතර ප්‍රචාරක කටයුතු බාර දී තිබෙන හරීන් ප්‍රනාන්දු නොතකා හැර ක්‍රියා කිරීම මූලිකම ගැටළුව වී ඇත. එම රැලියේ කතිකයෙකු ලෙස හරීන් ප්‍රනාන්දු මුලදී නම් කර තිබුණද පසුව 10 වෙනි දවස පුරා ඔහුගේ දුරකතනය පවා විසන්දි කරමින් රැලිය මගහැර ගොස් ඇත.

ප්‍රචාරක කටයුතු බාර දී තිබෙන මූලිකයන් අත්හැර ක්‍රියා කරන්නේ කෙසේ දැයි කලමනාකරණ කමිටුවේදී බරපතළ ලෙස ප්‍රෂ්න කර ඇති අතර රැලිය සඳහා වැය වූ වියදම් පිළිබඳව ද උණුසුම් මත ගැටීමක් ඇති වී තිබේ. එයට පිළිතුරු දී ඇති අකිල විරාජ් කාරියවසම් අදාළ සියලු වියදම් තම හිතවතුන් සමග පුද්ගලිකව දරා ඇති බවත් පක්ෂ මුදල් කිසි ලෙසින්වත් ලබා ගෙන නොමැති බවත් ප්‍රචාරක කටයුතු කළ හැකි සියලු දෙනා මැදිහත් වී සිදු කළ යුතු බවත් එය කිසිවෙකුගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් යට නොකළ යුතු බවත් දැඩිව ප්‍රකාශ කර ඇතැයි හෙළිවේ.

කාටූනය – නාමල් අමරසිංහ

Facebook
Twitter
LinkedIn