ගෝටාබය රාජපක්ෂගේ නමින් නිකුත් තර තිබෙන ලියවිල්ලේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න වගකීම් පැහැර හැරි බවට කර තිබෙන චෝදනාවලට ඔහුගේ ප්‍රතිචාර දැක්වීම ආරම්භ වී ඇත.
ජනාධිපති අපේක්ෂකයෙකු වීමේ සිහින දකිමින් ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති පුද්ගලයෙකු ද දේශපාලන ලියවිල්ලක් රචනා කිරීමට පටන් ගෙන ඇති අතර ඒ සඳහා ගෝටාබය රාජපක්ෂට එරෙහිව කරුණු රැසක් කමල් ගුණරත්න විසින් ඔහුට ලබා දී ඇති බව වාර්තා වේ. මෙම ලියවිල්ල ලබන මැයි මාසය අවසානයේ නිකුත් කිරීමට සූදානම් බව අනාවරණය වේ.
එම ලියවිල්ලේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති යන ආරක්ෂක ප්‍රධානීන් ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම සඳහා දියත් කළ මහජන උද්ඝෝෂණය වැළැක්වීමට ක්‍රියා නොකළ බවට චෝදනා ඉදිරිපත් කර තිබේ.
16,912










