ඉන්දියාව විසින් යුරෝපීය නිදහස් වෙළඳ සංගමයේ (EFTA) සාමාජිකයින් හතර දෙනා වන නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය සහ Liechtenstein සමග ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන 100ක් වටිනා නිදහස් වෙළඳ ගිවිසුමකට ඉරිදා අත්සන් කළ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. EFTA – EU නොවන රටවල් වන නෝර්වේ, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය සහ Liechtenstein වලින් සමන්විත – ලොව පස්වන විශාලතම ආර්ථිකය වන ඉන්දියාවේ වසර 15ක් තුළ ඩොලර් බිලියන 100ක් වටිනාකමකින් යුතු ආයෝජනය එමගින් සිදු කරනු ඇතැයි මෙම අත්සන් කරන ලද ගිවිසුමෙන් පසුව මාධ්‍ය ඇමතු ඉන්දීය වාණිජ අමාත්‍ය Piyush Goyal මාධ්‍ය වෙත පැවසුවේය.
“ඉන්දියාව සහ EFTA අතර ආර්ථික සහ වෙළඳ හවුල්කාරිත්ව ගිවිසුම අපගේ පුළුල් වන වෙළඳ හවුල්කාරිත්වයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි,”
නවදිල්ලියේ දී ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පියුෂ් ගෝයල් එසේ අවධාරණය කළේය. මෙමගින් අපගේ අපනයනයන් ඉහළ නැංවීම, ආයෝජන දිරිගැන්වීම සහ රැකියා උත්පාදනය කිරීම මගින් “අන්‍යෝන්‍ය වර්ධනයට සහ සමෘද්ධියට මග පාදනු ඇත” යනුවෙන් ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා සිටියේය.
වසර 16ක් පුරා පැතිර ගිය පුළුල් සාකච්ඡා වට රාශියකින් පසුව මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉන්දියාව අවසානයේ තීරණය කර ඇත. මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා සිටින්නේ මෙවැනි කතාවකි.
“මෙම වෙළඳ ගිවිසුම මගින් විවෘත, නිදහස් සහ සාධාරණ වූ වෙළඳාමක් සඳහා වූ අපගේ කැපවීම සංකේතවත් කරන එකඟතාවයක් ඇති කරනු ලබනු බවට ඉන්දියාව අපේක්‍ෂා කරනවා” යයි පවසා සිටියේය.
මේ අතර මෙම නිදහස් ආර්ථික ගිවිසුම පිළිබඳ ස්විට්සර්ලන්ත ආර්ථික අමාත්‍ය ගයි පර්මලින් සඳහන් කරනුයේ “අපගේ ආර්ථික හැකියාවන් වඩා කාර්යක්‍ෂම කරලීමටත් ඉන්දියාව සහ EFTA සාමාජික රටවල් සඳහා අමතර ආයෝජන අවස්ථා ඉන්දියාව තුළ නිර්මාණය කර ගැනීමටත් මෙම ගිවිසුමෙන් අපට ඉඩ කඩ සැලසෙනවා” යයි කියා සිටි.
“EFTA හෙවත් යුරෝපා නිදහස් වෙළඳ සංගමය රටවල සාමාජිකයන් සඳහා මේ වනවිට ඉතා සිඝ්‍රයෙන් සංවර්ධනය වන විශාල වෙලඳපොලකට ප්‍රවේශ වීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ ඉතාමත් ඉහළ තත්වයක පවතිනවා. එයට ප්‍රතිඋපකාර වශයෙන්, ඉන්දියාව EFTA රටවල් වෙතින් වැඩි විදේශ ආයෝජන ප්‍රමාණයක් තම වෙළඳපළට ආකර්ශනය කර ගනු ඇත. අවසානයේ එයින් ලබා ගන්නා ගුණාත්මක ප්‍රථිපල ගිවිසුමේ සාමාජික රටවල රැකියා සංඛ්‍යාව වැඩි කිරීමටද හේතු වනු ඇත,” ස්විස්ටර්ලන්ත ආර්ථික අමාත්‍යවරයා ඉන්දීය අගනුවර දී මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ අනුව ඉන්දියාව හා EFTA රටවල් අතර කාර්මික නිෂ්පාදන සඳහා බොහෝ තීරු බදු ඉවත් කරනු ලබයි. ඉන්දියාවද එම රටවල් සඳහා වසර දහයක් දක්වා වූ සංක්‍රාන්ති කාලයකට යටත්ව ඇතැම් කෘෂි නිෂ්පාදන සඳහා තීරු බදු රහිත ප්‍රවේශය සිය වෙළඳ පලට පැමිණීමට අවස්ථාව ලබා දෙනු ඇත. නමුත් ඉන්දියාවේ වෙළඳපළට මෙම රටවල ඖෂධ සඳහා තීරු බදු ඉවත් කිරීමක් සිදු කර නොමැත. බුද්ධිමය දෙපළ, පේටන්ට් බල පත්‍ර ඉහත සාමාජික රටවල සන්නාහන නාමයන් ආරක්ෂා කිරීමට ඉන්දියාව මෙහිදී බැඳී සිටිති. කෙසේ වෙතත් අදාල ගිවිසුම ඉන් පසුව ඉන්දියානු පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.
1960 දී EFTA යුරෝපා නිදහස් වෙළඳ සංගමය පිහිටුවන ලද්දේ එහි සාමාජිකයින් අතර නිදහස් වෙළඳාම සහ ආර්ථික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම සඳහාය. 2021 දී, එය භාණ්ඩ අපනයනය හා ආනයනය සම්බන්ධයෙන් ලෝකයේ දහවන විශාලතම වෙළෙඳ හවුල වූ අතර සේවා කේෂ්ත්‍රය අංශයෙන් ලොව අටවන ස්ථානයේ පසුවේ. මෑත වසරවලදී ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟද වෙළඳ ගිවිසුම් අත්සන් කරනු ලැබූ අතර බ්‍රිතාන්‍යය සමඟද නිදහස් ගිවිසුමක් අත්සන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
මේ වනවිට ඉතා ඉක්මනින් දියුණු වන හා බිලියන 5ක ජනගහනයකින් සමන්විත වන ඉන්දියානු වෙළඳපළ වෙත චීනය සමග පසමිතුරු ලොව සියළු රටක්ම ඇදී එන තත්වයක් දක්නට ලැබේ. 2025 දී ආර්ථික වර්ධන වේගය 7.3%ක් ලෙස පෙන්නුම් කරනු ලබන අතර එහි ප්‍රධාන මුලාශ්‍ර බවට සේවා, කෘෂි බෝග අපනයනය, කාර්මික භාණ්ඩ, පුද්ගලික ක්‍රේෂ්ත්‍රය හා රටේ විශාල අභ්‍යන්තර වෙළඳ පල යන ක්‍රේෂ්ත්‍ර හඳුනා ගෙන ඇත. ලෝකයේ 5ස්වන ආර්ථික බලවතා ලෙස රටේ සමස්ත ප්‍රාග්ධනය මේ වනවිට ඩොලර් බිලියන 3.730ක් ලෙස සටහන් වේ.
අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ 2023 වාර්තාවකට අනුව ඉන්දියාව තම ආයෝජන වසර 10ක් තුළදී එරට දල ජාතික නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 63 සිට 208 දක්වා වැඩි කර ගැනීමට නියමිතව ඇත. එසේම තවත් වසර තුනක් තුළදී ඩොලර් බිලියන 5000ක අදායමක් ලබා ගැනීමට හැකියාවක් ඇති අතර ඒ ඔස්සේ ලොව තුන්වෙනි ආර්ථික බලවතා බවට පත් වීමේ කඩ ඉමට පැමිණෙනු ඇති බවටද එම වාර්තාව වැඩි දුරටත් සඳහන් කර සිටි. නමුත් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන FITCH ආයතනය පවසන්නේ එම ඉලක්කය කරා යාමට ඇති ප්‍රධාන බාධක ලෙස පශ්වාත් කොරෝනා තත්වයත්, යුක්රේන යුද්ධය පමණක් නොව රතු මුහුදේ නාවික ගමනා ගමනයට එල්ලවන හුතිස් ගරිල්ලන්ගේ ප්‍රහාරයන්ද දැඩි බලපෑමක් ඉන්දියානු ආර්ථිකයට සිදු කරනු ඇති බවයි.










