එන්නත් වංචාවට වෛද්‍ය සැපයුම් අංශයේ නි. අධ්‍යක්ෂ අත්අඩංගුවට

එන්නත් වංචාවට වෛද්‍ය සැපයුම් අංශයේ නි. අධ්‍යක්ෂ අත්අඩංගුවට

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් වංචාව සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඔහු විදේශගතව සිට මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොළේ දී ය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වෙත බෙදා දී කෝටි ගණනක වංචාවක් සිදු කිරීමේ නඩුකරයට අදාළවය.

Facebook
Twitter
LinkedIn