සුඛෝපභෝගී භාණ්ඩවලට මෙන්ම ආහාරපාන ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහා ද එකසේම ක්‍රියාත්මක කරන 18%ක් වූ වැට් බද්ද කිසිසේත්ම සාධාරණ නොවන බව ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ අවධාරණය කරනු ලැබීය.
මහාචාර්යවරයා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ දෙරණ “Big Focus” සංවාදයට එක් වෙමිනි. මහාචාර්ය දුණුසිංහ වැට් බද්ද සම්බන්ධයෙන් දරණ මෙම මතය සුවිශේෂී වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය සහ ඊට අනුගතව යමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මූලික වී දියත් කර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ අනුමත කිරීමේ ස්ථාවරයේ සිටින පසුබිමක් නිසාය.
මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ ජාවාරම්කාරී ව්‍යාපාරිකයන් විසින් මේ වනවිටත් මහජනතාවගෙන් අය කර ගෙන මහා භාණ්ඩාගාරයට ලබා නොදී කොල්ලකා තිබෙන බදු අය කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි. එසේ නොකර අත්‍යාවශ්‍ය ආහාරපාන ඇතුළු භාණ්ඩ මත දැනටත් විශාල බදු ප්‍රමාණයක් පනවා තිබෙන පසුබිමක 18%ක වැට් බදු පැනවීමෙන් පහළම ස්ථරයට විශාල පීඩනයක් එල්ල වන්නේ යැයි ද පෙන්වා දී තිබේ.
මේ නිසා නව වැට් බදු පැනවීමෙන් සමාජයට සිදුවන බලපෑම කෙරෙහි විශාල අවධානයක් යොමු කළ යුතු බව වැඩි දුරටත් පෙන්වා දී තිබේ.










