ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අන්ත ප්‍රපාතයක ඇද වැටී තිබෙන මොහොතක ක්‍රිකට් පරිවර්තනීය කමිටුව පත් කර කෙටි කලක් තුළ පරිපාලනමය වශයෙන් විශාල වැඩකොටසක් නිහඬව සිදු කර තිබේ.
මේ බව අනාවරණය වූයේ එම කමිටුවේ සභාපති එරන් වික්‍රමරත්න ඇතුළු සාමාජිකයින් විසින් ඊයේ (28) පැවත්වන ලද මාධ්‍ය හමුවකදීය.
මෙතෙක් කල් නීති කටයුතු සඳහා රුපියල් මිලියන 600 ඉක්මවූ මුදලක් වර්ශයකට දරා ඇති අතර එම නාස්තිය වැනි වියදම් අවම කරමින් නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අවබෝදයද සහිතව කටයුතු සිදු කර ඇති බව එහිදී අනාවරණය කළේය. මෙයට පෙර අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට උත්සාහ කළද විශයභාර ඇමති වෙනස්වීමෙන් පසුව එම ප්‍රයත්නයන් අත්හැර දැමූ බව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජික සිදත් වෙත්තමුණි මෙහිදී පෙන්වා දෙන ලදී.
එම මාධ්‍ය හමුවේ වැඩි විස්තර ඇතුළත් වීඩියෝව පහතින් දැක්වේ.










