මිනී පෙට්ටි ඇමති සියල්ලට ඉහළින්

මිනී පෙට්ටි ඇමති සියල්ලට ඉහළින්

සෞඛ්‍ය ඇමතිව සිටි කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි රනිල් පොහොට්ටුවේ සන්ධානයේ දායකත්වය මත මේ වනවිටද නිතීයේ ආධිපත්‍යයට ඉහලින් රැඳී සිටීමේ හැකියාව ලැබී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ඖෂධ ජාවාරම සම්බනධයෙන් අත්තඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර වෛද්‍ය සැපයීම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද 05 දින අත්තඩංගුවට ගෙන ලබන 10 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ඖෂධ ජාවාරම පිළිබඳ අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයකදී එම ජාවාරමේ මහ මොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බව ප්‍රකාශ කෙරී තිබිණි. වැඩි දුරටත් ඒ බව සනාථ කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දෙමින් “මම වැඩ කළේ සෞඛ්‍ය ඇමතිගේ උපදෙස් අනුව“ යනුවෙන් ය. එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබීය. ඖෂධ ජාවාරම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයකදී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර තිබුණේ රෝහල් ඉදිරිපිට මල් ශාලා ද පවත්වා ගෙන යමින් සේවා සපයන බව ය.

එවැනි ආකාරයෙන් කටමැත දොඩවන කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලෝබින් ඖෂධය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමේ රංගනයක යෙදී සිටීයේ ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්