විදුලි සේවකයින් 22,000ක් පන්නයිද?

විදුලි සේවකයින් 22,000ක් පන්නයිද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදුලි බල ඇමති කන්චන විජේසේකර නිකුත් කර තිබූ මර්දනකාරී ගැසට් නිවේදන සහ චක්‍රලේඛ උල්ලංඝණය කරමින් සියලු විදුලි වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් පසුගිය සතියේ දියත් කරන ලද සංඛේත විරෝධතාවයට එක් වූ 22,000ක් පමණ වන සේවකයින්ගේ වැඩ තහනම් කරන්නේ දැයි වෘත්තීය සමිති නායකයින් ප්‍රශ්න කරයි.

විදුලි බල මණ්ඩලයේ සමස්ත සේවකයින් සංඛ්‍යාව 28,000ක් පමණ වන බවත්, එයින් 22,000ක් පමණ පිරිසක් නිවාඩු දමා තෙදින උද්ඝෝෂණයට සම්බන්ධ වූ බවත් වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් ප්‍රකාශ කර තිබිණි. එසේ තිබියදී 22,000ක පමණ සේවකයින් පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේ දැයි අභියෝගාත්මකව ප්‍රශ්න කර සිටී.

කම්කරු නීතිය පවා නොදන්නා ඇමතිවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට යාමට වුවද සූදානම් බවත් විදුලි බල මණ්ඩලය රැක ගැනීමේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග ඉදිරියටත් ගෙන යාමට සූදානම් බවත් එම වෘත්තීය සමිති සියල්ල නියෝජනය කරමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් අවධාරණය කර සිටී.

Facebook
Twitter
LinkedIn