ඉරානයේ සැමරුම් උළෙලකට සහභාගී වෙමින් සිටි සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඊට අමතරව එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ තබා ඇති නිල සටහන් පොතේ එම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිසගේ ඥාතීන් වෙත කණගාටුව පළ කිරීමේ සටහනක් තබනු ලැබීය.
එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් 100කට අධික පිරිසක් මිය ගොස් 500කට ආසන්න පිරිසක් තුවාළ ලැබීය.

566










