ප්‍රවෘත්තියක් ගැන බීබීසි හා ජනාධිපති මාධ්‍ය අංශය ගැටෙයි

ප්‍රවෘත්තියක් ගැන බීබීසි හා ජනාධිපති මාධ්‍ය අංශය ගැටෙයි

මෙම ජනවාරි පළවෙනි දින සිට ක්‍රියාත්මක කර තිබෙන වැට් බදු නිසා මෙරට දුරකතන සහ අන්තර්ජාල සේවා සඳහා අය කෙරෙන බදු හා ගාස්තු ප්‍රමාණය 42% දක්වා ඉහළ යනු ඇතැයි බීබීසී ගුවන් විදුලිය වාර්තා කර තිබූ ප්‍රවෘත්තිය අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබේ.

මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ මෙම වසර වෙනුවෙන් පනවන ලද වැට් බදු තුළින් මේ වන බරපතළ විකෘතීන් රැසක් නිර්මාණය කර ඇති බොහෝ ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දී තිබේ. නිදර්ශනයක් ලෙස පාසල් උපකරණ සහ පොත්පත් වැට් බද්දෙන් නිදහස් කළ බව දන්වා තිබුණ ද, ව්‍යාපාර මත පනවා තිබෙන නව වැට් බද්ද සේම අභ්‍යාස පොත් මතද එම බදු අනුපාතය 18% ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

බීබීසී ගුවන් විදුලිය අදාළ ප්‍රවෘත්තිය දත්ත මත සකස් කර තිබේ. ඔවුන් හෙළිකර තිබෙන්නේ කෙටි පණිවිඩ (SMS) පියෝ ටීවී පහසුකම්, අමතර අන්තර්ජාල සේවා, ජාත්‍යන්තර දුරකතන ඇමතුම්, වයිෆයි සහ ඩේටා යන සියලු අංශ මත පනවා තිබෙන වැට් බද්ද නිසා 42%ක් තරම් ඉහළ මුලු බදු ප්‍රමාණයක් තීරණය වන බවය. එහෙත් එයට ප්‍රතිචාර ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයකින් දක්වා තිබෙන්නේ ටෙලෙකොම් සේවා මත බද්ද නිසා ගාස්තු ඉහළ යාම 3%ක් වන බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්