ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ අසනීප තත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ සුවදුක් විමසීම සඳහා ජනතාව පැමිණිමෙන් වලකින ලෙසත් රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගායන ශිල්පී චාමර වීරසිංහ බැලීම සඳහා කිසිදු භාහිර පුද්ගලයෙකුට අවසර නොලැබෙන බවත් ඔහු බැලීම සඳහා අවසර හිමිව ඇත්තේ ඔහුගේ ළඟම ඥාතීන් කිහිප දෙනෙකුට පමණක් බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
යම් අසනීප තත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය සදහන් කරයි.
5,649










