අහුන්ගල්ලේ වෙඩි තැබිමකින් මවට පියාට සහ සිඟිත්තාට තුවාල

අහුන්ගල්ලේ වෙඩි තැබිමකින් මවට පියාට සහ සිඟිත්තාට තුවාල

අහුන්ගල්ල – ඌරගහ මාර්ගයේ ගල්වෙහෙර ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ සිදුව ඇති වෙඩි තැබීමකින් මව, පියා සහ මාස හතරක සිඟිති දරුවකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වෙඩි වැදීමෙන් තුවල වූ තිදෙනාම පළමුව බලපිටිය රෝහල ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල බැවින් කරාපිටිය රෝහලට මාරුකර යැවීමට පියවර ගෙන ඇත.

වෙඩි වැදුනු තිදෙනාම අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩි තැබීම සිදු කොට ඇති බවත් පොලීසිය පවසයි.

Facebook
Twitter
LinkedIn