ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024දී ජනාධිපතිවරණය පැවැත්වීමට සිදු වන බවත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසූවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (21) පැවති එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනය අමතමිණි.
මහ මැතිවරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්වීමට ජනමත විමසුමක් කැඳවුවහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගය පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
342










