රුපියල් බිලියන 30ක පමණ පරතරයක් පියවා ගැනීමට ඇති බැවින් විදුලි බිල වැඩි කළ යුතු බවත් එම ඉල්ලීම මේ වනවිට මහජන කොමිසම වෙත යොමු කර ඇති බවත් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර ඊයේ (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
“මේ අය ක්‍රමය සකස් කිරීමේදී පුරෝකථනය කළේ ගිගාවොට් පැය 4,500ක් විදුලිය ජණනය කරන්න පුළුවන් වෙයි 2023 වර්ෂයේ, ජල විදුලියෙන් කියන එක. නමුත් මේ මහජන උපයෝගීතා කොමිසමත් පිළිඅරගෙන තිබෙනවා ඒ වගේම විදුලිබල මණ්ඩලයේ පුරෝකථන සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව නියං තත්වය නිසා අපිට උපරිම වශයෙන් 3,750ක ගිගාවොට් පැය ප්‍රමාණයකට පමණයි යන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි දැනට විදුලි බල මණ්ඩලයත් මහජන උපයෝගීතා කොමිසමත් දැනුවත් කරලා තියෙන්නේ.
ඒ අනුව අපිට අතිරේක තියෙනවා ගිගාවොට් පැය 750ක් තාප විදුලියෙන් උත්පාදනය කරන්න. ඒ නිසා ඒ තාප විදුලියෙන් උත්පාදනය කරන එක දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ජල විදුලේ අපි ඒකකයකට රුපියල් 06යි නම් සාමාන්‍යයෙන් රුපියල් 50ක් විතර යනවා ඒකකයක් උත්පාදනය කරන්න තාප විදුලියෙන්. එතකොට තාප විදුලියෙන් අර 750 අපි උත්පාදනය කළ යුතුව තිබෙනවා.
ඒ වගේම තමයි පෙබරවාරි මාසේ අපි මිල සංශෝධනය කරන විට විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි සංශෝධනයම (විදුලි බිල වැඩි කිරීම) ලබා දුන්නා මහජන උපයෝගී තා කොමිසම. ඒ වගේම තමයි ජුලි මාසයේ විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියේ 3%කින් අඩු කරන්න කියලා. නමුත් මහජන උපයෝගීතා කොමිසම ඒ අවස්ථාවේදී තිබුණු දත්ත මත ඔවුන් තීරණය කළා ඒක 14%කින් අඩුක රන්න. හැබැයි 14%කින් අඩු කළාට පස්සේ ඇතිවෙච්චි නියං තත්වය සහ සමණල වැව ජලාශයෙන් ජලය නිකුත් කිරීම කියන කාරණාවත් ඒ වගේම විශේෂයෙන් තාවිදුලියේ අධික මුදලක් අපිට දරන්න සිදුවීම කියන කාරණා නිසා අපිට අද අය ක්‍රමයේ තියෙනවා රුපියල් බිලියන 30ක පමණ පරතරයක් තියෙනවා පියවා ගැනීම සඳහා. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරල තියෙන්නේ මහජන උපයෝගීතා කොමිසමෙන්, මේ තත්වය උඩ අපිට යම් අගය වෙනස් කිරීමටක් කරලා දෙන්න කියලා නමුත් මහජන උපයෝගීතා කොමිසම තමයි තීරණය කළ යුත්තේ ඔවුන් ලබා ගන්නේ කුමක්ද කියන එක.”










