IMF එක රනිල්ගේ ආණ්ඩුවට බටර් ගා රට නට්ටන් කළ සාක්ෂි මෙන්න

IMF එක රනිල්ගේ ආණ්ඩුවට බටර් ගා රට නට්ටන් කළ සාක්ෂි මෙන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පොහෝට්ටු ආණ්ඩුව සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ එක් වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක්‍රියාත්මක කිරිමෙන් ශ්‍රී ලංකාවේ ආර්තිකය යහපත් වී ඇතැයි ලෝක බැංකුවේ ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් පැවසූ බව ඊයේ (04) ආණ්ඩුවේ දිනමිණ පුවත ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළි කර තිබිණි.

එහි අනු සිරස්තලවල වැඩිදුරටත් සඳහන් කර තිබූ කරුණු මෙසේය.

“උද්ධමනය තනි ඉලක්කමට වැටිලා, පොලී අනුපාත අඩුයි, විදේශ විනිමය ගලා එනවා, සංචාරකයන්ගේ පැමිණීමෙන් විදේශ සංචිත ඉහළට, දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය පැහැදිලියි, වෙළඳ ශේෂය වැඩි වෙලා” ආදී වශයෙන් දක්වා තිබිණි. ආණ්ඩුවේ දිනමිණ පුවත්පත රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග ගැන මෙලෙස ප්‍රවෘත්ති පල කරන අතර 2015 – 2019 කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද මෙවැනිම උදම් ඇනීම් කර තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අරමුදලේ උදම් ඇනීමක් පිළිබඳව නිකුක්කළ නිවේදනයකින් ඒ බව තහවුරු වේ. එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පල කරන අතර 2017 වසරේ දෙසැම්බර් 08 එම නිවේදනය නිකුත් කර තිබිණි. නමුත් අවුරුදු දෙකක් යාමටත් මත්තෙන් 2020 මුල් කාර්තුව මෙරට දල ජාතික නිෂ්පාදිතය සෘණ 1.6%ක මට්ටමට ඇද වැටිණි. ඉන් පසුව 2022 සිට අඛණ්ඩවම මේ දක්වා කාර්තු 06ක් පුරා ආර්ථිකය විශාල වශයෙන් බිඳවැටෙමින් පවතී.

එසේ තිබෙන අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ග සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ක්‍රියාමාර්ග නිසා ආර්ථිකය යහපත් වී ඇති බවට ලෝක බැංකුවේ මෙම ආර්ථික විද්‍යාඥයා උපුටා ගෙන දිනමිණ පුවත්පත විශාල ප්‍රචාරයක් ගෙන යාමට මුල පුරා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්