පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ, ගාල්ල, හම්බන්තොට, කලුතර, කෑගල්ල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක 07 සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (4) පස්වරුවේ සිට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල ජනතාවට අද පස්වරු 4.30සිට සිට හෙට (05) පස්වරු 4.30 දක්වා පැය 24ක කාලයක් සඳහා එම අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑමේ, බැවුම් කඩාවැටීමේ, ගල් පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසත් විශේෂයෙන් එම නිවේදනයේ සඳහන් කර ඇත.
50









