ලාෆ්ස් ගෑස් සමාගමද ඊයේ (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව 12.5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින්ද 5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින්ද ඉහළ දමා ඇති අතර 2KG ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 24කින්ද ඉහළ දමා ඇත.
ඒ අනුව රුපියල් 3,835ක්ව පැවති 12.5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,985ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් 1,535ක්ව පැවති 5Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,595ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම රුපියල් 614ක්ව පැවති 2KG ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල මිල රුපියල් 638ක් දක්වා ඉහළ ගොස් ඇත.
207










