රටේ ප්‍රධාන රෝහල් ‍12ක CT ස්කෑන් යන්ත්‍ර බිඳවැටිලා

රටේ ප්‍රධාන රෝහල් ‍12ක CT ස්කෑන් යන්ත්‍ර බිඳවැටිලා

රට පුරා පිහිටි ප්‍රධානම රෝහල් 12ක CT ස්කෑන් යන්ත්‍රවලින් ලබා ගන්නා පරීක්ෂණ බිඳවැටී ඇති බව බීබීසී සිංහල වෙබ්අඩවිය වාර්තා කරයි.

එම රෝහල් අතරට කරාපිටිය ශීක්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල, බදුල්ල මහ රෝහල, කුරුණෑගල මහ රෝහල, මාතර, හොරණ සහ කළුතර යන රෝහල්ද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, රත්නපුර මහ රෝහල මෙන්න ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයද අයත් බව හෙළි කර තිබේ. ඊට අමතරව ජාතික දන්ත රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයද බිඳවැටී ඇත.

මේ නිසා පුද්ගලික අංශයේ මෙම ස්කෑන් පරීක්ෂා කර ගැනීමේදී ලක්ෂ 05 සිට 15 දක්වා මුදලක් වැය වන බවද එම වෙබ්අඩවිය හෙළි කර තිබේ. ඊට අමතරව කරවනැල්ල රෝහලේ තිබෙන CT ස්කෑන් යන්ත්‍රය සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන බවද හෙළි කර ඇත. එමෙන්ම MRI ස්කෑන් යන්ත්‍ර රැසක්ද අක්‍රීය වී ඇති බව එම වෙබ්අඩවිය හෙළි කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්